Wednesday, February 25, 2009

අද දවස මට


දවසේ ආරම්භය නම් වෙනදා වාගේ තමයි.ගෙදරින් ආවා.පුටුවේ ඉඩගත්තා ඔෆිසියේ කරන්න තියෙන වැද පටන් ගත්තා.අර වදුරාගේ ගතිය අරින්න බැහැයි කියලා කතාවක් අහලා තියෙනවානේ ඔයගොල්ලො එ වගේ තම මටත් මොන වැඩේ තිබ්බත් සුපුරුදු විදිහට අන්තර්ජාලයට ලොග් වෙලා දවසේ ප්‍රව්ත්ති , ඊ- මේල් බලලා, සුපුරුදු වෙබ් අඩවි බලලා තමා දවස ආරම්භ කලේ..

ඒක කරලා පොඩ්ඩ වෙලාවයි ගියේ කොල්ල පිටට මරේ වගේ බොසා කත කලා..ඔන්න එතන ඉදන් මුලු දවසම යකා බැද ගත්තා වගේ තමා..බැට්මින්ටන් Accounts හදල දෙන්න කිව්වා..හරියට අපි මැශින් කියල හිත ගෙනද මන්දා කියන ඉක්මනට වැඩේ ඉවර කරල ඉල්ලන්නේ..

Accounts හදලා ඉවර කලා 2 විතර වෙනකොට .. ඊට පස්සේ අපේ හශීම් (කෝලිකුට්ටුවා) එක්ක පොඩි පහේ ඒත් රසවත් චැට් එකක් දාගෙන ඩවස හමාර කරන්න තමා උනේ..අනේ මන්දා වෙලාවකට මටම හිතාගන්න බැහැ මට මොනවා වෙනවද කියලා..

ජීවිතේ වෙනදා වගේ නෙමෙයි කිසිම් රසයක් නැහැ.විදින්න කියල දෙයක් නැහැ..හරිම එකාකාරියි..වැඩි හරියක් දවස ගෙවෙන්නේ Computer එක ඉස්සරහා තමා.වෙලාවකට බලනකොට ඒකත් හරිම සිම්පල් ප්ලැන් එකක්.

මුලු දවසම හරිම පාලුයි. දුක්බරයි..සිංහලෙන්ම කියනවානම් හරියට මළගමක් වගේ.ඊයේ දවස තුළ මගෙ අතින් සිදු වෙච්ච වැරදි වලට අද මම බොහෝ සෙයින් පසු තැවිලි වෙනවා.. ඒත් ඉතින් කරන්නයි කියල දෙයක් නැහැ. මගේ දුක , සැප,සතුට, දොම්නස ඔක්කොම දැන් මට තනිව විද දරා ගන්නයි වෙලා තියෙන්නේ..ඕක තමා දැන් මගේ ජීවිතය..අදටත් - මතුවටත් - හැමදාටමත් - මම මමම තමා.

දැන්නම් ටිකක් විතර අමාරුයි සිංහලෙන් අකුරු Type කරලා.අදට නැවතීමේ තිත තියන්නයි මම හදන්නේ..ආයේ කවදා ලියන සිතින්..

කාගේ හෝ සිත එහෙම රිදුනානම් මෙය දැකීමෙන් අනේ මට සමාවෙන්න.මම මේක ලිව්වේ මම දකින දේ මට හිතෙන දේ මගේ විදිහට ලියන්න දැන් මම කැමති නිසා...

0 comments:

Post a Comment

 

Malindaz Blog - සයිබර් අවකාශයේ සිහින සක්මන. Copyright 2008 All Rights Reserved