
කාගෙන් හරි ඇහුවොත් ජීවිතේ ලස්සනම කාලෙ මොකක්ද කියලා..අනිවාර්යයයෙන් ලැබෙන උත්තරය තමා ..පාසල් කාලය කියන එක .. ඒ දේ අනිත් හැමොටම වගේ මේ ලගදි මටත් දැනුනා..ඒ හරියටම පෙබරවාරි 06 වෙනි සිකුරාදා හවස වැල්ලවත්ත පැත්තේ යන්න හිතාගෙන ගාලු පාරේ යනකොට මගේ දෙවෙනි ගෙදර ..ඒ කියන්නේ ශා.පීතරය පහු කරගෙන තමා ගියේ..
ඉස්කෝලේ පහු කරන් යනකොට හිතට දැනෙන අභිමානය කියලා නිම කරන්න බැඇස් දෙකට කදුලුත් අවා.. :( ඒ තරම් දුකක් දැනුනා..ජීවිතේ ලබන්න පුලුවන් උපරිම සතුට , අසතුට , ගුරු හරුකම් , කැටි කර ගත්ත තැනක් තමයි පාසල කියන්නේ..
අනේ ඉතින් දැන් කුමක් කරන්නද ? කියන්නා වගේ..මාත් ඉතින් අර මේරියන්ස් සංගීත කණ්ඩායමේ නලීන් අයියා කියන ....
" සමනළ රැනක් සේ ඉගිළී අකුරට ගිය පාසැල් කාලේ
ආයෙත් එනවානම් මගෙ දිවියට ආසයි ඒ ලස්සන කාලෙ "
සිංදුව මුමුනමින් මාගෙ ආදරනීය පාසැල් මාතාව පසු කරන් ගියා...:(
3 comments:
ලස්‌සනයි මේක නම්, ඇත්තටම පාසල් කාලය මතක් වෙනකොට හරි දුකයි තමයි... එත් ඉතින් මොනා කරන්නද, ඒ අතීතයේ සුන්දර දේවල් ගැන හිතල සතුටු වෙනවා මිසක්... :D
@ anu >> අතීතය සිහිනයක් පමණයි කියන එක ඇත්ත තමයි බලනකොට ... :D
I like your post: If you want to download free ringtone for mobi, visit here:
sms ringtones,
iphone ringtones,
Post a Comment